බෑගයේ තිබු මළ සිරුර ගැන පරීක්ෂණ දිගටම

හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුර ට්‍රැවලින් බෑගයක දමාගෙන පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයට රැගෙන ආ ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙන අතර එහි පරීක්ෂණ දිගටම සිදු වන බව පොලිසිය පවසයි.

එම මළ සිරුර වයස අවුරුදු 20ක පමණ තරුණියකගේ බව පොලිසිය පවසයි. අදාළ පුද්ගලයා විසින් 143 මාර්ග අංකය ඔස්සේ ධාවනය වන හංවැල්ල පිටකොටුව බස් රථයක එම ගමන් මල්ල රැගෙන විත් ඇති බවත් වේල්ල වීදියේ මාර්ගයක ට්‍රැවලින් බෑගයක් තල්ලුකර ගෙන යන අයුරු එම ස්ථානයේ වු සී.සී.ටීවි දර්ශනවල සටහන්ව තිබු බවත් පොලිස් මාධ්‍ය අංශය කලම්බෝ ගැසට් කල විමසීමට පිළිතුරු දෙමින් පැවසුවේය.

අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, බස් රථයේ රියදුරුගෙන් හා කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී යම් පුද්ගලයෙක් ට්‍රැවලින් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වු බව සනාථ කර ගෙන තිබේ.

මේ අතර කාන්තා මළ සිරුර මේ වන විට කොළඹ, පොලිස් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඇති අතර, අද දිනයේ දී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

බෑගය රැගෙන යන පුද්ගලයා පිළිබඳ සී.සී.ටීවි දර්ශන ඊයේ දිනයේ දී නිකුත් කළ අතර, ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ 0718 591 557 හෝ හදිසි ඇමතුම් ඒකකය වන 0112 433 333 යන දුරකථන අංකයන්ට මෙන්ම 119 දැනුම්දෙන දෙස ද පොලීසිය ඉල්ලයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.