ගුවන් හමුදාවේ නිලධාරීන් 7,757කට උසස්වීම්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට (02) යෙදී තිබෙන අතර ඊට සමගාමීව ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් 467කට හා සෙසු නිලයන් 7,290 දෙනෙකුට ද උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇත.

70 වන සංවත්සරය වෙනුවෙන් මාර්තු 3,4 සහ 5 යන දිනවල දී කොළඹ ගාලුමුවදොර පිටියේ දී ගුවන් යානා සංදර්ශනය පැවැත්වීමට නියමිතය.

1951 මාර්තු මස 2 වන දින රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස ආරම්භ කරන ලද ගුවන් හමුදාව අද වන විට 34,000 පමණ පිරිසකගෙන් ද ගුවන් යානා 100කට වැඩි විශේෂ බලගණවලින් සමන්විත වේ.

මාර්තු මස 5 වන දින අංක 5 ප්‍රහාරක ජෙට් බලගණය අංක 6 බලගණ හට දේශය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර සඳහා ජනාධිපති සම්මාන ප්‍රධාන කිරීමේ සම්මාන පෙළපාලියක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සුදානම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.