කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම් පාරේ ලෙමන් විකුණයි

කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බී. විජේරත්න මහතා ලෙමන් අලෙවි කරන ඡයාරූපයක් මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

එහි සඳහන් කර ඇත්තේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන බී. විජේරත්න මහතා සිය පුතුගේ කෘෂි නිෂ්පාදන අලෙවිකරණ ගැටලුවට පිළිතුරු සොයන්නට උර දෙමින් නුවර පාර අයිනේ ලෙමන් විකිණිමට තරම් ආදර්ශවත් වී සිටින බවය.

එමෙන් ම, එම ක්‍රියාව මෙරට කෘෂි නිෂ්පාදන අලෙවියට ගොවීන් මුහුණදී ඇති ගැටලුවලට හොඳම උදාහරණයක් බවත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

කලක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙසද ඔහු සේවය කර තිබේ.

දූෂණය, අකාර්යක්ෂමතාව ඉහවහ ගොස් තිබුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතිශයින්ම කාර්යක්ෂම ආයතනයක් බවට පත් කළේ විජේරත්න මහතා බව ද ඔහු සිය ෆේස්බුක් සටහනේ සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.