ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට පිළිගැන්වේ.
ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද (01) පෙරවරුවේ මල්වතු මහා විහාරයේ දී සහ අස්ගිරි මහා විහාරයේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.
මෙම වාර්තාවේ පිටපතක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේට ද ලබා දී ඇත.