මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ සංවිධානයෙන් හා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් දෙදින නෙට්බෝල් විනිසුරු පාඨමාලාවක් පවත්වා ඇත.
මහනුවර දිගන ක්‍රීඩා සංකීර්ණයේදී පෙබරවාරී මස 27 – 28 දෙදින පුරා පැවැත්විය.
පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තු අධ්යක්ෂ අරුණ ජගත් මහතාගේ සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමයේ සභාපතිණි වික්ටෝරියා ලක්ෂ්මි මහත්මිය ඇතුළු ජාත්‍යන්තරය මට්ටමේ විනිසුරුවන්ගේ අධීක්ෂණය යටතේ පැවති මෙම පුහුණු පාඨමාලාව අවසානයේදී විනිසුරු පාඨමාලාව සාර්ථකව නිමකළ බව දක්වමින් සහතිකපත්‍රයක් ද පුහුණූලාභීන්ට ලබාදීම සිදුවිය.