රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේ ගැටළු විසදමින් නිෂ්පාදන ප්‍රමිතිගත කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට කර්මාන්ත ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් උපදේශක කමිටුවක් පත් කර ඇත. රූපලාවන්‍ය ක්ෂේත්රයේ කාලීනව මතුව ඇති ගැටළු විසදීමට සහ ක්ෂේත්රයේ ප්‍රගතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ජා කරමින් රජය ඒ වෙනුවෙන් ගතයුතු ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සැකසීම මෙම උපදේශක කමිටු පිහිටුවීමේ අරමුණ බව අමාත්‍යවරයා පවසයි.
ආයුර්වේදීය රූපලාවන්‍ය නිෂ්පාදන සදහා වැඩි වශයෙන් අවස්ථාව ලබාදීම තුළින් මෙරට වෙළදපොළට පමණක් නොව අපනයනය සදහා ද දේශීය ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන යොදා ගැනීමේ හැකියාව සහ ඒවාට ජාත්‍යන්තරයේ ඇති ඉල්ලුම පිලිබදව කර්මාන්තකරුවන් අමාත්‍යවරයා දැනුවත් කල අතර ඉදිරියේදී ඊට අදාළ අංශ සමග එක්ව දේශීය ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන වැඩි වශයෙන් දිරි ගැන්වීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
අපනයනය කරනු ලබන ආයුර්වේදීය රූපලාවන්‍ය නිෂ්පාදන සදහා ජාත්‍යන්තරව පිළිගන්නා ප්‍රමිති සහතිකය ලබාදීමේ වැඩපිළිවෙළ ද කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර්මාන්ත ක්ෂේත්‍ර 20 පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදේශක කමිටු පිහිටුවීමේ වැඩපිළිවෙළ යටතේ 14 වන උපදේශක කමිටුව ලෙස රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තයේ උපදේශක කමිටුව පිහිටුවීම සහ එම ක්ෂේත්රය ආශ්රිත ගැටළු පිළිබඳව සාකච්ජා කිරීමට ක්ෂේත්රයට අදාළ ආයතන සහ එම ක්ෂේත්රයට අදාළ කර්මාන්තකරුවන්ගේ සහභාගිත්වයෙන් සාකච්ජා කර ඇත.
රූපලාවන්‍ය නිෂ්පාදන කර්මාන්තය මුහුණදී ඇති ඇසුරුම්කරණ ගැටළු, ප්‍රමිති සහතික ලබාගැනීමේ ක්‍රියාවලියේ ඇති ගැටළු පිළිබදව මෙහිදී සාකච්ජා කෙරුණු අතර ඒවා විසදාගැනීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් ලබාදිය හැකි සහයෝගය ලබාදීමට සුදානම් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.