ඕමානයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් 320 දෙනෙකු දිවයිනට

ඕමානයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 320 දෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගත් බව
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙම පිරිස අතර වීසා බලපත්‍ර කල් ඉකුත්වීමෙන් පසුව ඕමාන රැඳී සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 81 කට වැඩි පිරිසක් ද සිට ඇත.

මේ අතර රැකියා අහිමිවූ, තානාපති කාර්යාලයේ ආරක්ෂිත නිවාසයේ රැකවරණය ලැබූ, බන්ධනාගාරවලින් නිදහස් වූ සහ වෛද්‍ය හදිසි අවස්ථා යටතේ සිටි ශ්‍රී ලාංකිකයින්ද ඇති බව එම තානාපති කාර්යාලය සඳහන් කරයි.

මෙලෙස රැඳී සිටී ශ්‍රී ලාංකිකයින් දඬුවම් ලබා දීමෙන් සහ දඩ මුදල් පැනවීමෙන් සම්පූර්ණයෙන් නිදහස් කිරීමට ඕමාන් රජය පොදු සමාවක් ලබා දී තිබුණි.

මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 320 දෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණීමෙන් පසු, ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වූ අතර, ඔවුන් සියලු දෙනාටම දින 14 ක් සඳහා නවාතැන්, ආහාර සහ වෙනත් පහසුකම් සහිතව නිරෝධායන පහසුකම් රජය විසින් පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක දී ලබා දීමට කටයුතු කෙරිණි.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,ජනාධිපති ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව මෙම ශ්‍රී ලාංකික පිරිස මස්කට්හි සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය මඟින් ආපසු ගෙන්වා ගැනීම සඳහා විශේෂ විධිවිධාන යොදන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.