බිම්ශානි වෙනුවෙන් සමගි වනිතා

සමඟි ජන බලවේගයේ කාන්තා බලවේගය ලෙස සමගි වනිතා බලවේගයේ ක්‍රියාකාරී වීම් මේ වන විට ආරම්භ කර ඇත. ඒ අනුව ඊට අදාලව ආසන මට්ටමේ ක්‍රියාකාරී සාමාජිකාවන්ගේ හමු ආසන මට්ටමෙන් ක්‍රියාත්මක වේ.

සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක සහ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභික හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මිය පවසන්නේ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ සිදුවීම සම්බන්දයෙන් බිම්ෂානි ජයසිංහ සමඟ ඔවුන්ද සිටින බවය. එම පත්වීමට බාධකයක් ඇත්නම් එය ඉවත් කර ඇයට අදාල පත්වීම ලබා වීමට කටයුතු යොදන ලෙසට ද ඔවුන් ඉල්ලයි.

කලම්බෝ ගැසට් වෙත අදහස් දක්වමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මිය පැවසුවේ කාන්තාවන් පෙරටුගාමිව ගොඩ නැගෙන මෙය සමස්ත කාන්තා බලවේගයක් ලෙසින් සමඟි වනිතා බලවේගය ක්‍රියාත්මක වන බවය. එහිදී කාන්තාවන් වෙනුවෙන් ද කාන්තා ගැටළු කාන්තාවන්ගේ උන්නතිය මෙන්ම පොදු ඕනෑම ගැටළුවක් සම්බන්දයෙන් ක්‍රියාකාරීව කටයුතු කිරීමට සමඟි වනිතා බලවේගය නැගී සිටින බවය.

20වන සංශෝධනයට එරෙහිව නැගී සිටීම, ශ්‍රී ලංකාවේ වැඩ කරන කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් සුරැකීම, ප්‍රසුති නිවාඩු ගැටලුව ආදී බොහෝ ගැටළු ආරම්භයා මේ වන විටත් සමඟි වනිතා බලවේගය ක්‍රියාකාරීව වැඩ කරගෙන යයි. තවත් ඒවත් දේ බොහොමයක් ඇති බවද මතක් කල හිරුණිකා මිය පැවසුවේ මෙයට කැමති ඕනෑම කෙනෙක්ට සම්බන්ද විය හැකි බවය.

ඒ අනුව samagivanithahanda.com වෙබ් අඩවියෙන් ඔවුන් සමඟ සම්බන්ද විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.