අශන්ති වරුනසුරිය
අනවසර ඉදිරිකිරීම් ආදියෙන් එම භුමිය බේරාගැනීම පිළිබඳ කතා ඇති වුණාට පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමට සාධනීය විසඳුමක් මෙතෙක් නොලැබීමට හේතුව භුමිය පිළිබඳව පවතින විවිධ ඉඩම් සහ නීතිමය ගැටළු බව නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රවය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මයා පවසයි.
වගකීම ඇත්තේ කාටද යන්න පිලිබඳ තවදුරටත් වාද කරමින් ඇඟිලි දිගු කරගනීමින් නොසිට කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් අදාල දේ සිදු කිරීමට තමන් සුදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මෙරට පරිසර පද්ධතීන්හි ආරක්ෂාව සම්බන්දයෙන් අප කල විමසුමට පිළිතුරු දෙමින් කලම්බෝ ගැසට් වෙත රාජ්‍ය අමත්‍යවරයා පැවසුවේ පසුගියදා බෙහෙවින් කතාබහට ලක්වූ මුතුරාජවෙල ගැටලුවට මේ වන විට විසදුම් ලබා දෙමින් යන බවය. ඒ අනුව එය ලෝක රැම්සා තෙත්බිමක් වශයෙන් සංවර්ධනය කිරීමට අප යෝජනා කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවද නාලක ගොඩහේවා මයා පැවසුවේය.
මහල් නිවාස ව්‍යාපෘති ගැනද අදහස් පල කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ අදාල ව්‍යපෘතින් නිරතුරු නිරීක්ෂණ කරන බවය. නාගරික සංවර්ධන අමාත්‍යාංශය ආරම්භ කල මැදි ආදායම් මහල් නිවාස 3000 ක් ඉදිකරන ව්‍යාපෘති කිහිපයක ප්‍රගතිය නිරන්තරයෙන් සොයා බලන බවත් පැවසු ඔහු හැකි ඉක්මනින් මධ්‍යම ආදායම්ලාභී මහල් නිවාස ඉදිකිරීම් අවසන් කර ජනතාවට ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.
ඉතාමත් වටිනා භූමි වල ඉදිවන මෙම නිවාස සඳහා අයදුම්පත් කැඳවීම තව සති කිහිපයක් තුල ආරම්භ කරන්නට සැලසුම් කර ඇති අතර රජයේ හා පුද්ගලික අංශයේ තරුණ වෘත්තිකයන්ට තමන් ගෙවන මුදලට ඉතා හොඳ අගයක් ලබාදෙන මෙම නිවාස ව්‍යාපෘති කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමට මාස 24ක් තුල වැඩ නිම කරන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීමට ද කටයුතු කර ඇත.