වත්මන් රජය වගේම සජිත් පිලත් අද අස්ථාවරයි

අශන්ති වරුනසුරිය

රවී නවීන් අර්ජුන ප්‍රමුඛ එජාපයේ ප්‍රබලයන් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙලකට සුදානම් වන බව වාර්තා වේ. එක්සත්ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු ආසනය තවමත් හිස්ව පවතින අතර මෙතෙක් ඒ සදහා අයෙක් තෝරාගෙන නැත.

කෙසේවෙතත් පවතින එක්සත්ජාතික පක්‍ෂයේ පවතින වර්තමාන අර්බුදකරිත්වය පිළිබදව කලම්බෝ ගැසට් අප කල විමසීමට පිළිතුරු දෙමින් එජාපයේ රවී කරුණානායක මයා පැවසුවේ වර්තමාන ආණ්ඩුවේද දේශපාලන තත්වය අස්ථාවර වෙමින් රට අස්ථාවරභාවයට පත් වෙමින් යනවා සේම සජිත් ප්‍රමුඛ සමඟි ජන බලවේගයද කඩාවැටෙමින් යන බවය.

රවී කරුණානායක ඇතුළු පිරිස පක්ෂ මාරුවකට හෝ වෙනත් පක්‍ෂයක් නිර්මාණය කිරීමට සුදානම් වබ බවද පසුගියදා වාර්තා විය. ඒ පිළිබදවද අප කල විමසීමට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ එවැන්නක් නොමැති බවත් කිසිවිටෙක එක්සත් ජාතික පක්‍ෂය හැරදමා නොයන බවත්ය. කෙසේනමුත් රවී කරුණානායක දේශපාලනමය වශයෙන් දැඩි ලෙස නිහඬව සිටින බැවින් අපි ඒ ගැනද විමසීමු. එයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ රටම දේශපාලනික වශයෙන් අස්ථාවරව සිටින බැවින් නියම වේලට අවශ්‍ය පියවර ගන්නා බවය.

කෙස්වෙතත් එජාප පාර්ලිමේන්තු ආසනය සම්බන්දයෙන් එජාපය තුල විවිධ මත ගැටුම් ඇතිවී ඇති බව එජාප ප්‍රකාශයකු පැවසුවේ දෙපිලක් බෙදීම නිසා තවම ස්ථිර තීරණයක් ගෙන නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.