මෙරට ඇඟලුම් දේශීයව මෙන්ම විදේශීයව ප්‍රවර්ධනය කෙරේ

අශන්ති වරුනසුරිය

දේශීය ඇඟලුම් කර්මාන්තයේ නියැලෙමින් සිය ආර්ථික මට්ටම ශක්තිමත් කර ගැනීමට අදාලව වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. එමෙන්ම මෙරටත් මෙරට ඇගළුම් විදේශියවත් ප්‍රවර්ධනය කිරීමට කටයුතු සකසමින් සිටින බවද කලම්බෝ ගැසට් අප සමඟ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ගනිමින් සුවෝත්සාහයෙන් නැගිටින්නට වෙර දරන කාන්තාවන් වෙනුවෙන්ම ලිය සවිය කාන්තා සංවිධානයක් ද මේ වන විට පිහිටුවා එමඟින් එම කාන්තාවන්ගේ උන්නතිය උදෙසා සිදු කෙරෙන වැඩසටහන්ද රැසකි. ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබද මනා පුහුණුවක් ලද කාන්තාවන් 75ක් සඳහා ලබාදෙන සහතික පත්‍රය සහ මහන මැෂින් ප්‍රධානයක්ද පසුගියදා සිදු කර ඇත.

තවද වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ගල්ගමුව,යාපනය,පොළොන්නරුව ප්‍රදේශයන්හි ආරම්භ කළ බතික් පුහුණු කිරීමේ මධ්‍යස්ථාන මෙන් ආසන මට්ටටමින් එවැනි මධ්‍යස්ථාන ස්ථාපිත කොට මාස 06ක් පමණ කාල සීමාවක් සහිත වූ වටිනා පුහුණුවක් ලබා දෙමින්, අත්යන්ත්‍ර පේෂකර්ම කර්මාන්තයෙහි නිරත වූවන්ගේ පහසුව තකා නූල් එතීම සදහා වූ මධ්‍යස්ථාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබා දීමට කටයුතු කරන බවත්, ඇඟලුම් ක්ෂේත්‍රයට මෙම වර්ෂය තුළ 5000කට අධික ප්‍රමාණයක් අලුතින් බිහි කරන බවත්, බතික් කලාවට 9000ක පමණ නිර්මාණ කරුවන් පිරිසක් හා අත්යන්ත්‍ර පේෂකර්ම කර්මාන්තයට 3000ක පමණ නිර්මාණ කරුවන් පිරිසක් බිහි කරමින් රට වෙනුවෙන්, ලැබී ඇති අමාත්‍යාංශය වෙනුවෙන් උපරිම යුතුකමක් ඉෂ්ඨ කරන බවද කියා සිටියේ ය.

එමෙන්ම ශ්‍රී ලංකා හා කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්වය වැඩිදියුණු කර දෙරට අතර සම්බන්ධීකරණය හා සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ කොරියානු ජනරජයේ තානාපති ජොං වුන්ජින් මහතා අතර සිදු වී ඇත. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉදිරියේදී විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් හට සෞඛ්‍යයාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ විදෙස්ගතවීමටද ඉතා ඉක්මනින් ඉඩකඩ සලසන බවය.

ඒ සදහා අවශ්‍ය වන මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කරන ආකාරයද පැහැදිලි කරන ලද රාජ්‍ය අමාත්‍යවරයා එරට සිටින ආයෝජකයන් හට මෙරට අයෝජන අවස්ථාවන් සදහාද සුවිශේෂී ආරාධනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.