කොරියාව ලංකාවේ දේශීය ඇගළුම් ක්ෂේත්‍රය සමඟ එකතු වේ

ශ්‍රී ලංකා හා කොරියානු පාර්ලිමේන්තු මිත්‍රත්වය වැඩිදියුණු කර දෙරට අතර සම්බන්ධීකරණය හා සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ කොරියානු ජනරජයේ තානාපති ජොං වුන්ජින් මහතා අතර සිදු වී ඇත.

මෙහිදී ප්‍රධාන අරමුණක් ලෙස විශේෂයෙන් සාකච්ඡාවට ලක් වූයේ රටවල් දෙක අතර පවතින සංස්කෘතියට හානි නොවන දේශීය ඇගළුම් ක්ෂේත්‍රය ( එනම් මෙරට බතික්,අත්යන්ත්‍ර වැනි දේශීය ඇගළුම් නිෂ්පාදන ) එරට වෙළදපල හා සම්භන්ධ කරගනිමින් ගරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ඉලක්කය වන අපනයන මට්ටම ඇ.ඩො. බිලියන 06කින් ඉහල නංවන වැඩපිළිවෙළට දායක වීමයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉදිරියේදී විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් හට සෞඛ්‍යයාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ විදෙස්ගතවීමටද ඉතා ඉක්මනින් ඉඩකඩ සලසන බවය.

ඒ සදහා අවශ්‍ය වන මෙරට යටිතල පහසුකම් සංවර්ධනය කරන ආකාරයද පැහැදිලි කරන ලද රාජ්‍ය අමාත්‍යවරයා එරට සිටින ආයෝජකයන් හට මෙරට අයෝජන අවස්ථාවන් සදහාද සුවිශේෂී ආරාධනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.