මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කර ඇත්තේ සෞදි ඔටුන්න හිමි මොහොමඩ් බීන් සල්මාන් කුමරුගේ අනුමැතියෙන් බව අමෙරිකාව සදහන් කරයි
ජමාල් ඛෂෝගි ඝාතනය පිළිබඳ බුද්ධි අංශ වාර්තාවක් නිකුත් කරමින් ඇමෙරිකාව මේ බන ප්‍රකාශ කර සිටියි.
ජමාල් ඛෂෝගි 2018 වසරේදි සෞදි කොන්සල් කාර්යාලය තුළ අමානුෂිකලෙස පහර දි ඝාතනය කර තිබුණි .
ජෝ බයිඩ්න් පරිපාලනය යටතේ නිකුත් කෙරුණු ආදළ වාර්තාවෙන් කියැවෙන්නේ, ජමාල් සිය ග්‍රහණයට නතු කර ගැනීම හෝ ඝාතනය කිරීම, සෞදි කුමරු අනුමත කළ බවය.
මොහොමඩ් බීන් සල්මාන් කුමරුගේ අනුමැතිය මත ඝාතනය සිදු වූ බව තහවුරු කිරීමට අමෙරිකානු බුද්ධි අංශ ප්‍රධාන කරුණු 3 ක් ද පෙන්වා දි ඇත.