අද තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මෙම මරණ පහ සමග මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 204ක් දක්වා ඉහළ ගොස් තිබේ.
දර්ගා නගරයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක්, ගලේවෙල ප්‍රදේශයේ පිදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙක් සහ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.