නේපාලයේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට චීනය මැදිහත් වීම නිසා නේපාල තරුණයින් ඊයේ (30) චීනයට එරෙහිව විරෝධතාවක් දියත් කරනු ලැබීය.
නේපාලයේ ස්වාධීන තරුණ ජාලයේ සාමාජිකයින් විසින් කත්මණ්ඩු නුවරදී පන්දම් රැළියක් පවත්වමින් විරෝධතා වැඩසටහනක් සංවිධානය කළහ.
විරෝධතාකරුවෝ ජනාධිපතිවරයාගේ නිවසේ සිට චීන තානාපති කාර්යාලයට ගියහ. පුද්ගලයන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ කොටසක් ලෙස රැළියක් පවත්වමින් සිටියදී විරෝධතාකරුවන් අට දෙනෙකු නේපාල පොලිසිය විසින් චීන කොන්සියුලර් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගෙන තිබේ.
රැළිය සංවිධානය කිරීම සම්බන්ධයෙන් පොහාරාහිදී තවත් විරෝධතාකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.