අද දින තවත් මරණ 4ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන ඒ අනුව 199ක් දක්වා ඉහළ ගොස් ඇත.
මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක්, කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 50 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.