කොවිඩ් වසංගතය ආරම්භක ස්ථානය ලෙස සැලකෙන චීනයේ වූහාන් නගරයේ රෝගය වැලඳුනු පුද්ගලයින් සංඛ්‍යව, නිළ වශයෙන් තහවුරු වූ සංඛ්‍යාවට වඩා දස ගුනයකින් පමන වැඩි බව වාර්තාවේ.
චීන රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය කළ පර්යේෂණයකදී අනාරණ වී ඇත්තේ වූහාන් නගරයේ පුද්ගලයින් ලක්ෂ පහකට පමන රෝගය වැලඳී ඇති බවයි.
කෙසේ වෙතත් වූහාන් නාගරික සෞඛ්‍ය කොමිසම පසුගිය ඉරිදා වන විට වාර්තා කර තිබුනේ රෝගීන් 50,354 ක් පමණි.
වුහාන් වැසියන් 34000 ක් ඇතුළුව චීනයේ රෝගය ව්‍යාප්ත වූ අනෙකුත් නගරවල වැසියන් පර්යේෂණයේ නියදිය ලෙස යොදාගෙන තිබේ.
අදාල පුද්ගලයින්ගේ රුධිර සාම්පල යොදාගෙන ඔවුන්ගේ සිරුරේ කොරෝනා ප්‍රතිදේහ නිර්මාණය වී ඇත්ද යන්න ගනනය කර කොපමණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේද යන්න ගණනය කිරීම මෙමගින් සිදුකර ඇත.
ඒ අනුව මිලියන 11 ක් දිවිගෙවන වුහාන් නගරයේ පුද්ගලයින්ගෙන් සියයට 4.43 ක සිරුරේ කොරෝනා වලට එරෙහි ප්‍රතිදේහ නිර්මානය වී ඇති බව තහවුරු වී තිබේ.