එළඹෙන ජනවාරි 01 වනදා සිට බස් රථ ධාවනය සාමාන්‍ය පරිදි සිදුකරන බව ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.
ඊට සමගාමීව මාකුරේ සිට කොළඹ කොටුව දක්වා මාර්ග දෙකකින් වායු සමනය කළ බස් රථ 20 ක් ධාවනයට එක් කරන බවය.
කෙසේවෙතත්, පෞද්ගලික බස් හිමියන් පවසන්නේ පවතින තත්ත්වය යටතේ බස් ධාවනයේදී ගැටළු මතුවී ඇති බවයි. ගාස්තු සංශෝධනයකින් පමණක් එම ගැටළුවලට විසඳුම් නොලැබෙන බව ද පවතින කොවිඞ් වසංගත තත්ත්වය යටතේ රටට ගැළපෙන පරිදි බස්රථ සේවාව ද ක්‍රමවත් කළ යුතු බව ද ඔවුන් පෙන්වා දෙයි.


