ඊස්වරන් රත්නම්
පෞද්ගලික සමාගමක් සාකච්ඡාවලට පහසුකම් සැපයීමෙන් අනතුරුව සහ සැපයුම් කටයුතු මෙහෙයවීමට ඉදිරිපත් වීමෙන් පසු කොරොනා වෛරසයට එරෙහි එන්නත ලබා ගැනීමට ශ්‍රී ලංකාව ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා සමඟ සාකච්ඡා කරමින් සිටී.
එවැනිම මේ වන විට යුරෝපා සංගමයේ සියලු රටවල ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණය ආරම්භ කර තිබේ. යුරෝපා සංගමය තුළ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත්කරණ වැඩපිළිවෙල පසුගියදා ආරම්භ කෙරුණි.
ශ්‍රී ලංකාවේ ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා හි නියෝජිත ඒජන්ත හේමාස් ෆාමසියුටිකල්ස් පැවසුවේ ශ්‍රී ලංකාවට එන්නත ලබා ගැනීම සඳහා ෆයිසර් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සම්බන්ධතා ඇති කර ගත් බවයි.
හේමාස් ඖශධ සමාගමේ කළමණාකාර අධ්යක්ෂ ජූඩ් ප්‍රනාන්දු ඩේලි මිරර් පුවත්පතට පැවසුවේ තම සමාගම ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර සාකච්ඡා සඳහා පහසුකම් සලසා ඇති බවය.
එන්නත සැපයීමට අවශ්‍ය හොඳම ක්‍රමය පිළිබඳව රජයට යෝජනාවක් ද ඉදිරිපත් කර ඇති බව ප්‍රනාන්දු මහතා පැවසීය. ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා හෝ වෙනත් සමාගමක් හෝ වේවා කුමන සමාගමක් සමඟ වුවත් තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසු රජය තීරණය කරන බව ප්‍රනාන්දු මහතා පැවසීය.
අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටියක් තිබෙන බවද ගිවිසුමක් අත්සන් කළ යුතු අතර එය අත්සන් කළ පසු ඉතිරි තොරතුරු දෙපාර්ශ්වය අතර බෙදා ගෙන අනෙකුත් සාධක පිළිබඳව ද සොයා බලනු බව ද එන්නත සඳහා මිල, අවශ්‍ය ප්‍රමාණය සහ සැපයිය යුතු දිනය පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිය යුතු කරුණු අතර වන බවද ඔහු පැවසුවේය .
ශ්‍රී ලංකාවට එන්නත ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර දී නොමැති හෙයින් හේමාස් ආයතනයට තනිවම එන්නත ආනයනය කළ නොහැකි බව ද ඔහු පවසයි. සියල්ල හොඳින් සිදුවුවහොත් ලබන වසරේ දෙවන කාර්තුවේදී හෝ තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවට මෙම එන්නත සැපයීමට හේමාස්ට හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.
මීට අමතරව, වෛරසයට එන්නතක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව රුසියාව සහ චීනය හා ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.