ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ක්‍රිඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 317ක් ලබාගෙන සිටියි.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී රැස් කරන ලද ලකුණු 396 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක පිල මේ වන විට තවත් ලකුණු 79 ක් පිටුපසින් සිටින්නේ කඩුලු 6 ක් අත ඉතිරිව තබාගෙනය.
පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු 9කට ලකුණු 396ක් රැස්කරමින් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් රැස්කළත් කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නන් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ කසුන් රාජිතට ආබාධ මත තරගයෙන් ඉවත්වීමට සිදුවීම ශ්‍රී ලංකා කණ්ඩායමට පාඩුවක් වුයේය.
ඊයේ තරගය නතරකරන විට ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 55කි.ඩීන් එල්ගර් ලකුණු 95යි.