දකුණු අප්රිකාවේ සෙන්චුරියන්හි සුපර් ස්පෝට් පාර්ක් ක්රීඩාංගණයේ සෙනසුරාදා (26) ආරම්භ වු ශ්රී ලංකා – දකුණු අප්රිකා ප්රථම ටෙස්ට් ක්රිකට් තරගයේදී පළමුදින නිමවන විට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 340ක් ලබා ප්රබලම ස්ථානයක පසුවිය.
මෙහිදි දිනේෂ් චන්දිමාල් (85) සහ ධනංජය ද සිල්වා (79) අර්ධ ශතක රැස්කරමින් සිව්වන කඩුල්ලට පැවැත්වු ලකුණු 131ක දීර්ඝ සබදතාවක් ගොඩ නැගීය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 3ම ලකුණු 54කට බිඳ වැටී අසීරු තත්ත්වයක පසුවද්දී පිටියට එක්වූ දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා පන්දුවාර 45ක් වන විට ලකුණු තත්ත්වය කඩුලු තුනකට ලකුණු 185 දක්වා ඉහළ නැංවිමට සමත් විය.
එසේම මෙම පළමු ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංග ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත්විය.
කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කර ඇති ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධානතම දඟ පන්දු යවන්නාගේ භූමිකාව වනිඳුට හිමිව තිබේ. හසරංග කණ්ඩායමට පැමිණීමත් සමඟ කණ්ඩායමේ ස්ථීර දඟ පන්දු යවන්නා ලෙසින් කටයුතු කරන ලද ලසිත් ඇඹුල්දෙණියට කණ්ඩායමේ ස්ථානය අහිමිව තිබේ. කෙසේ වෙතත් ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත් 151 වැනි ක්රීඩකයා බවට පත් වුණු වනිඳුගේ පැමිණීමත් ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුව 8 ක් දක්වා ඉහළ ගොස් තිබීම කැපී පෙනෙයි.