අශන්ති වරුනසුරිය
මේ වන විට බ්‍රිතානයේ පැතිරෙන නව වෛරස් ප්‍රභේදය දැන් තියෙන වෛරසයට වඩා භයානක බවත් රජය බ්‍රිතාන්‍ය ගුවන් ගමන් අත්හිටුවීමට ගත් තීරණය හොද තීන්දුවක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
මුල් වටයේදී ආණ්ඩුව කොරෝනාවට අවශ්‍ය පියවර නොගත් බවත් විපක්ෂය රට ලොක්ඩවුන් කරන්නැයි පවසද්දී එය විහිළුවකට ගත් බවට චෝදනා කරන මන්ත්‍රීවරයා එසේ නොවීම රටේ වර්තමාන තත්වයට හේතුවක් බවට පැවසීය.
කෙසේ නමුත් රජය බ්‍රිතාන්‍ය ගුවන් ගමන් අත්හිටුවීමට ගත් තීරණය හොද බවද එවැනි තද තීන්දු නොගත හොත් වෛරසය පාලනය කිරීමට නොහැකි වන බවද ඔහු වැඩි දුරටත් පැවසිය.