බි්රතාන්යයෙන් හඳුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීමේ පහසුකම් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතව පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
වෛරසයේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා ජාන විද්‍යාත්මක විශ්ලේෂණ සිදුකළ යුතු බව අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේය. ඒ සඳහා පහසුකම් රටතුළ ඇති බව ද ඔහු පැවසීය.
කොරෝනා වෛරසයේ තවත් නව ප්රභේදයන් 02 ක් මේවනවිට එංගලන්තයෙන් හඳුනා ගෙන ඇති අතර ඉන් එක් ප්‍රභේදයක් මීට දින කිහිපයකට පෙර එංගලන්තයෙන් හඳුනා ගැනුණු අතර ඊයේ හඳුනා ගැනුණු අනෙක් ප්‍රභේදය දකුණු අපි‍්‍රකාවෙන් හඳුනා ගැනුණු කොරෝනා ප්‍රභේදය සමග සම්බන්ධ බවටයි මේවනවිට සැක මතුව ඇත. මෙම වෛරස් කාණ්ඩ 02 ම සීග්‍රයෙන් මිනිසාගෙන් මිනිසාට සම්පේ‍්‍රෂණය වන බව ද වාර්තා වේ.