මෙවර අබුඩාබි කි‍්‍රකට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින් 12 දෙනෙකු තෝරාගෙන තිබේ.
සිව්වන වරටත් පැවැත්වීමට නියමිත අබුඩාබි ටී 10 ලීග් තරගාවලිය ජනවාරි 28 වනදා ආරම්භ වන අතර අවසන් මහ තරගය පෙබරවාරි 06 වනදා පැවැත්වේ.
ඒ අනුව තිසර පෙරේරා, පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප්‍රධාන කී‍්‍රඩකයා ලෙසත්, ඉසුරු උදාන, බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ ප්‍රධාන කී‍්‍රඩකයා ලෙස මෙලෙස තෝරාගෙන තිබේ. වනිදු හසරංග සහ චාමර කපුගෙදර තෝරාගෙන ඇත්තේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසිනි..
අජන්ත මෙන්ඩිස්, පූනේ ඩෙවිල්ස් කණ්ඩායම විසින් තෝරාගෙන ඇත. භානුක රාජපක්ෂ සහ ළහිරු කුමාර, ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම විසින් ද දසුන් ශානක හා දුෂ්මන්ත චමීර දිල්ලි බුල්ස් කණ්ඩායම විසින් ද නුවන් ප්‍රදීප් සහ මහේෂ් තීක්ෂණ, නොදන් වොරියස් කණ්ඩායම විසින් ද අවිශ්ක ප්‍රනාන්දු අබුඩාබි කණ්ඩායට ද මෙලෙස තේරී ඇත.