මෙවර අසිරිමත් නත්තල අපේම කන්‍යා සොයුරියන්ගේ අතින්ම නිම වූ දේශීය අත්යන්ත්‍ර රෙදි හා බතික් වලින් හැඩ වනු ඇත.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා සියලුම කිතුනු බැතිමතුන්ගේ ආශිර්වාදයෙන් බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය මගින් මෙම කරතව්‍ය සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කරනු ලබයි.
අද (24) දින මධ්‍යම රාත්‍රියේ කදාන ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් පවත්වනු ලබන අතර මෙම දේශීය නිෂ්පාදනයක් වන ලෝගුව හා මකුටය ආදී වස්ත්‍රාභරණයන්ගෙන් සැරසෙනු ඇත.තවද කැරොල් කණ්ඩායම්ද බතික් වලින් හැඩ ගැන්වූ සුවිශේෂී ලෝගුවකින් සැරසෙනු ඇත.
මෙරට සිටින රදගුරුතුමන්ලා 15ක් වෙත මෙම දේශීයව නිර්මාණය කරන ලද වස්ත්‍ර හා පූජා භාණ්ඩ සංකේතාත්මකව පූජා කිරීමට කටයුතු සිදු කළ අතර අති උතුම් ජේ. ඩී. ඇන්තනි රදගුරු හිමිපාණන්,අති උතුම් මැක්ස්වෙල් ග්‍රැන්විල් සිල්වා රදගුරු හිමිපාණන් හා අතිඋතුම් ඇන්ටන් රංජිත් රදගුරු හිමිපාණන් වෙත බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ අතින් එම වස්ත්‍රයන් සහ පූජා භාණ්ඩ පිළිගැන්වීම බොරැල්ල අගරදගුරු නිවස්නයේදී සිදුවිය.