අවිස්සාවේල්ල, කොස්ගම සහ රුවන්වැල්ල පොලිස් බලප්රදේශ වහාම ක්රියාත්මක වන පරිදි හුදකලා ප්රදේශ ලෙස නම්කළ ඇත.
ඊයේ දිනයේ කොළඹ දිස්ත්රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 228ක් හඳුනාගෙන තිබූ අතර ඊට අවිස්සාවේල්ල ප්රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු ද අයත් ය.
ත්රීකුණාමලය අභයපුර ග්රාමනිලධාරී වසම සහ ජින්නානගර් ප්රදේශයත් අද උදෑසන 6.00 සිට හුදකලා කිරීමට තීරණය කර තිබුණි.
කොළඹ දිස්ත්රික්කයේ වැල්ලම්පිටිය ප්රදේශයේ ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අද උදෑසන 6.00 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර තිබුණි.