වෛරසයේ නව ප්‍රභේදයක් එංගලන්තය තුළ ව්‍යාප්ත වීමත් සමග එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ද යළිත් අවධානමකට ලක්ව ඇත. ඒ අනුව එරට පවතින නවතම තත්ත්වය පිළිබද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වෛද්‍ය විශේෂඥයින් අධ්‍යයන කරමින් සිටින බව වාර්තා වේ.
කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවියද වාර්තා කර ඇත. පවතින තත්වය පිළිබදව එංගලන්ත කි‍්‍රකට් බළධාරීන් සහ ශ්‍රී ලංකා කි‍්‍රකට් වෛද්‍ය විශේෂඥයින් අතර විශේෂ සාකච්ජාද ආරම්භ වී ඇත. එංගලන්ත කණ්ඩායම එළඹෙන 3 වනදා විශේෂ ගුවන් යානයකින් මෙරටට ළගා වීමට නියමිත අතර අනතුරුව ඔවුන් දින තුනක කාලයක් නිරෝධායනය සදහා යොමු කිරීමටයි දැනට සැලසුම් කර ඇත.
පසුව එංගලන්ත කණ්ඩායම වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරෙන අතර එම වෛද්‍ය පරීක්ෂණවලින් ඔවුන් සමත්වුවහොත් පුහුණුවීම් කටයුතු සදහා අවසර හිමි වේ. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතය. තරග දෙකම ගාල්ල කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 14 වනදා ආරම්භ වීමට නියමිතය.
මෙම තරග සංචාරය අත්හිටුවීමට අවශ්‍ය නොවනු ඇතැයි ශ්‍රී ලංකා කි‍්‍රකට් වෛද්‍ය විශේෂඥයින් විශ්වාස කරන බව කි‍්‍රක් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එංගලන්තයේ පැතිර යමින් පවතින සාමාන්‍ය කොරෝනා වයිරසයට වඩා සියයට 70 ක පැතිරීමේ වර්ධනයක් ඇති වෛරසයක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් එංගලන්තයේ සිට පැමිණෙණ ගුවන් යානා සිය රටවලට ඇතුල් වීම තහනම් කර තිබේ. ඒ අනුව එංගලන්ත ශී‍්‍ර ලංකා ටෙස්ට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් අමතර සෞඛ්‍ය ආරක්ෂිත පියවර ගැනීමට ද අවධානය යොමුව ඇත.