අද මධ්‍යම රාත්‍රියේ සිට දිවයිනපුරා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
එමෙන්ම පසුගිය දින කිහිපය පුරා බස්නාහිර පලාතෙන් පිටව යන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන ඇත.
වැඩි දුර අදහස් දැක්වූ හමුදාපතිවරයා, “සංචරණ සීමා පනවලා මේ දේ කරන්න ඕන කමක් නැහැ. රටේ සිටින්නේ බුද්ධිමත් ජනතාවක්, මේ වෙලාවේ හොදම දේ තමයි තමුන් සිටින ප්‍රදේශයෙන් පිටට නොයා සිටින එක. විශේෂයෙන් බස්නාහිර පළාතේ ජනතාව පවතින තත්ත්වය තේරුම් අරන් ඒ අවශ්‍ය විදිහට තමන්ගේ සංචරණ සීමා පනවා ගන්න අවශ්‍ය කටයුතු කරන්න. වෙනදා මෙන් උත්සව සමය හෝ නිවාඩු කාලය ගත කරන්න අපට ඉඩ ලැබෙන්නේ නැහැ. මේ කොවිඩ් තත්ත්වය සමග අප ආරක්ෂා වීම වැදගත්”.