බන්ධනාගාර ගතකර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා යහපත් කල් ක්‍රියාවෙන් යුතු කාණ්ඩයට වැටෙන්නේ නම් ඔහුද නිදහස් කිරීමට සූදානම් බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.
කෙසේ වෙතත් එක් එක් පුද්ගලයන් ඉලක්ක කරමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක නොකරන බවද ඔහු කියා සිටියේය.
දැනට බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන්ගේ යහපත් කල්ක්‍රියාව සලකා බලමින් සිදුකරන සමාලෝචනය වසර 20කින් පමණ ක්‍රියාත්මක වී නැති බවද අමාත්‍යවරයා පවසයි.
එම සමාලෝචනය යටතේ මරණ දඬුවම හිමි සිරකරුවෙක් ජීවිතාන්තය දක්වා සිරදඬුවමකටත්, ජීවිතාන්තය දක්වා සිරකරුවකු වූ වසර විස්සක දඩුවමකටත් යටත් වෙන බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් වැඩිදුරටත් පවසා ඇත.