අශන්ති වරුනසුරිය
රාජපක්ෂ මෙවර පොරොන්දුවක් ලෙස රටේ සම්පත් නොවිකුණන බවට සදහන් කලත් මේ වන විට ගෝඨාභය ප්රමුඛ ආණ්ඩුව රටේ සම්පත් විකුණන බවට ජනතා විමුක්ති පෙරමුණ චොදනා කරයි.
කොළඹ වරාය නැගෙනහිර නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීම ගැන අදාළ කැබිනට් පත්‍රිකාවේ ප්‍රසස්ථ ලියා තිබුණත් එයින් සිදු වන්නේ දෙන දේ කා වෙන දේ බලාගෙන සිටීමට බවද මේ ගැන අදහස් දක්වමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ,
මේක රටට සල්ලි ගෙන සල්ලි උල්පතක්. චීනේ වගේම ඉන්දියාව රටේ දේවල් ගන්නේ නිකන් අත පිහිදා ගන්න නෙමෙයි. කොළඹ වරායේ පිහිටීම අනුව ඒකෙ තියෙන වටිනාකම ලෝකෙම දන්නවා. ඒකයි මේකට කෙළ හලන්නේ. මේ වගේ තක්කඩි ආණ්ඩුවකට තමයි 69ලක්ෂයක් මේක. මේවට මේවට එරෙහිව වෙනුවෙන් අපි දිගටම පෙනී ඉන්නවා.
මේවන විට වරාය වෘත්තීය සමිති සමිති ජවිපෙ විරෝධතා සටන දියත් කර ඇත. ඒවගේම රටේ දේශප්‍රේමී බලවේග, මෙය ජාතික ව්‍යාපාරයක් කොටගෙන ඉදිරියට ගෙන යන බවද ඔහු පැවසිය. මේ රජය මෙලෙස බිලි දෙන්නේ මේ රටේ ජාතිය උරුමය බවත් එය රැකගැනීම ජාතික යුතුකමක් බවත් මේවා ගැන දැනුවත් කරමින් රට පුරා සම්මන්ත්රණ මාලාවක් පවත්වමින් මිට එරෙහිව ජනතව පෙළ ගැස්වීම මේ සටන කෙසේ හෝ ජයග්‍රහණය කරන බවද ඔහු අවධාරණය කළේය.