ඉන්දික ශ්‍රී අරවින්ද
මෙරට ව්‍යාප්තව පවතින covid – 19 වෛරසයට මෙන්ම නව covid ප්‍රභේදය පාලනය කිරීමට අවශ්‍ය එන්නත් 4ක් ජාතික පර්යේෂණ සභාව (NRC) අනුමත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී ඇත.
එම සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මෙම එන්නත් සියල්ලම සියයට 100%ක් මෙරට ජනතාවට භාවිතයට සුදුසු වන අතර එයින් වඩාත් සුදුසු එන්නතක් මිළදී ගැනීමට කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී ඇති බවයි.
ඒ අනුව ජාතික පර්යේෂණ සභාව (NRC) විසින් Oxford Uni-Astrazeneca, Moderna, Pfizer-Biontech, Gamaleya (sputnik V) යන එන්නත් 4 නිර්දේශ කර ඇත. මේ සම්බන්ධව අවශ්‍ය ලිපි ලේඛණ දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට සහ අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත ලබා දී ඇත.
එහෙත් මෙම එන්නත් කොපමණක් අවශ්‍යද යන්න පිළිබඳව මේ වනතුරුත් ඉල්ලුම් කර නොමැති අතර බොහෝ විට ලබන වසරේ මාර්තු වනවිට එම එන්නත් ප්‍රමාණය මෙරටට ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජාතික පර්යේෂණ සභාවේ (NRC) සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවසිය.
මේ අතර ලංකාවට අවශ්‍ය එන්නත් පිළිබඳව දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කිරීමට ජාතික පර්යේෂණ සභාව (NRC) සුදානම් වෙයි.