කොරෝනා නව ප්‍රභේදය හේතුවෙන් ගුවන් මගීන්ට කියාත්මක වූ ක්‍රමවේදය දිගටමවිදෙස් රටවල් කිහිපයකින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හමුවීම හේතුවෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම ක්‍රමවේදය ලිහිල් කිරීමට පියවර ගන්නා බව පසුගිය දා බලධාරීන් පැවසීය. නමුත් එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ වෙනත් රටවල් කිහිපයකින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනීමෙන් පසුව එම තීරණය නැවත වෙනස් කිරීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.
ඒ අනුව මෙරටට පැමිණීමට පෙර සියලුම ගුවන් මගීන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අනුමැතිය ගත යුතු වෙයි.