අශන්ති වරුනසුරිය
එළඹෙන උත්සව සමයේ ඇඳිරිනීතිය පැනවීමට බලාපොරොත්තුවක් නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
අවස්ථානුකූලව පවතින තත්වය සළකා බලා අදාළ තීන්දු තීරණ ගන්නා බව පවසයි. ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් මේ මොහොතේ පැවසිය නොහැකි බවත් පාලනය කර ගත හැකි අපහසු තත්වයක් පැවතියහොත් එවැනි තීරණයකට එළැඹිය හැකි බවද පැවසූ අමාත්‍යවරයා එවැනි අවස්ථාවක් ඇති වුවහොත් ජනතාවට පීඩනයක් ඇති නොවන අයුරින් රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එළඹෙන උත්සව සමයේදී කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් ක්ෂණික ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් යම් යම් ස්ථානයන්හිදී සිදු කිරීමට සහ කන්ද උඩරට සහ නුවර එළිය ඇතුළු විවිධ සංචාරකයන් පැමිණෙන ප්‍රදේශවල කොවිඩ් රෝග පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කර හෝටල ඇතුළු සංචාරක ස්ථානයන්ට ඇතුළ් කිරීමට කටයුතු කරන බවද කීය.