ෆයිසර් බයෝ-එන්-ටෙක් එන්නත ලබාගෙන ඇත්තේ එන්නත ආරක්ෂාකාරී බව අමෙරිකානුවන්ට ඒත්තු ගැන්වීම සඳහා මීළඟ අමෙරිකානු ජනාධිපති ලෙස තේරීපත්වී සිටින ජෝ බයිඩන් කොව්ඩ් එන්නත ලබා ගෙන තිබේ.
මේ වනවිට උප ජනාධිපති මයික් පෙන්ස් සහ කථානායිකාව වන නැන්සි පෙලෝසි ද කොවිඩ් එන්නත ලබා ගෙන ඇති අතර මොඩර්නා කොවිඩ් එන්නත ද මේ වනවිට අමෙරිකාවේ ජනතාවට ලබා දීම අරඹා තිබේ.
මේ වනවිට අමෙරිකානුවන් 500,000ක් පමණ එන්නත්කරණයට ලක්කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. ඔහු එන්නත ලබාගන්න ආකාරය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කර ඇත.
“එන්නත ඇතිවිට එය ලබාගැනීමට ජනතාව සූදානම් විය යුතුයි. මම මෙය කරන්නේ ජනතාවට එය ඇඟවීමට,”රටතුළ එන්නත්කරණ වැඩසටහන ඇරඹීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පාලනය “යම්කිසි ගෞරවය ලැබීමට සුදුසුයි” යනුවෙන්ද ඩෙලවෙයා හි සිට එන්නත ලබාගනිමින් බයිඩන් පවසා ඇත.