අශන්ති වරුනසුරිය
වාර්ෂිකව රිය අනතුරු වැඩිම සංඛ්‍යාවක් සිදු වන්නේ දෙසැම්බර් 20 වනදාත් ජනවාරි 5 වනදාත් අතර බව පොලිසිය පවසයි.
අද 22 අළුයම ද මාරක රිය අනතුරු කීපයක්ම වාර්තා විය. එමෙන්ම පොලිස් ස්ථාන තුළ ස්ථාපිත කර ඇති විවිධ පැමිණිලි අංශය ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මහජන පැමිණිලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වඩාත් කාර්යක්ෂමව සිදුකළ හැකිය. උත්සව සමය තුළ රථවාහන රාජකාරී මෙහෙයුම් කටයුතු ඉහළ නංවනු ලැබුවේ, පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා නොව ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, පෙරේදා දිනයේ සිට ආරම්භ කරනු ලැබූ රථවාහන මෙහෙයුම් කටයුතු ලබන වසරේ ජනවාරි මස 05 වනදා දක්වා ක්‍රියාත්මක වේ.
තවද බීමත් රියදුරන් පරීක්ෂා කෙරෙන උපකරණ 130,000 ක් මේ වනවිට සියළු පොලිස් ස්ථාන වෙත බෙදාහැර ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අද දිනයේද රථ වාහන මෙහෙයුම් සදහා පොලිස් නිලධාරීන් 9,000 ක් අනියුක්ත කර ඇත.