ඊශ්‍රායල සම්භවයකින් පැවත එන 2021 ප්‍රංශ රූ රැජිණ තේරීමේ තරඟයෙන් දෙවැනි ස්ථානය දිනාගත් ඒප්‍රිල් බෙනායොවුම්ට සමාජ මාධ්‍ය ඔස්සේ අවමන් කෙරෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“අපි ඉන්නේ 2020. මෙවැනි හැසිරීම් දැකීමට ලැබීම කණගාටුවට කරුණක්. නමුත් එයින් මම අධෛර්මත් වෙන්නේ නෑ.”
21 හැවිරිදි ඒප්‍රිල් බෙනායොවුම් තම ඊශ්‍රායල පසුබිම පිළිබඳ ව තරඟය අතරතුර පැවති සම්මුඛ සාකච්ජාවකදී හෙළි කල ඇති අතර ට්විටර් ඔස්සේ ඇයට අපහාස වන අයුරින් විවිධ පුද්ගලයින් මත ප්‍රකාශ කර ඇත.
එමෙන්ම මෙම අපහාසාත්මක සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කර තිබේ