පකිස්ථානයට සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්රිකට් තරගාවලිය ජය නවසීලන්තය දිනා ගත්තේය
ඊයේ හැමිල්ටන්හිදී පැවති දෙවන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථානය නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තේය.
මොහොමඩ් හෆීස් පන්දු 57කදී ලකුණු 99ක් ලබා ගැනිමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ නවසීලන්තය පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ජයග්රාහී ඉලක්කය පසු කිරීමට සමත් විය.
කේන් විලියම්සන් නොදැවි ලකුණු 57ක් ලබා ගත්තේය.
ඒ අනුව කඩුලු 9කින් නවසීලන්තය ජය වාර්තා කළේය.


