අශන්ති වරුනසුරිය
මහජන උපයෝගිතා කොමිසම ගැන පසුගිය කැබිනට් මණ්ඩලයේදී සාකච්ජා වී ඇති බවත් එය අහෝසි කල යුත්තේ පාර්ලිමේන්තු පනතකින් බැවින් මේ සම්බන්දයෙන් සාකච්ජාවක් පැවැත්වෙන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
මහජන උපයෝගිතා කොමිසම පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත වුවක් නිසා අහෝසි විය යුත්තේද පාර්ලිමේන්තු පනතකිනි. කෙසේ වෙතත් මේ පිලිබදව අප කල විමසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
“පොදුවේ කොම්සම් වලට පත්වන පුද්ගලයින් භාහිර නියාය පත්‍ර වලට වැඩ කරන බවත් පොලිස් කොමිසම , රාජ්‍ය සේවා කොමිසම කොහොමද වැඩ කලේ මොනවද කලේ කියලා අපි දැක්කා. ජනතාව වෙනුවෙන් වැඩ කරන රජයක් හැටියට මහජන උපයෝගිතා කොමිසමේ කෙනෙක් හෝ දෙදෙනෙක් ජනතාවාදී වැඩපිළිවෙලට කකුල් මාට්ටු දමනවා නම් අපි මොකද කරන්නේ ? අපිට අනිවාර්යෙන්ම ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙය කතා කළා. එතැනදී මීළඟ කැබිනට් එකේදී තීන්දුවක් දෙන බව කිවුවා. එතකන් ඉමු”