අශන්ති වරුනසුරිය
සමඟි ජනබලවේගය විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරනවාද යන්න පිළිබදවත් ඔවුන්ගේ දේශපාලන ගමන පිළිබදවත් අප සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සමග සිදු කල කෙටි දේශපාලන සංවාදයකි මේ.
මෙරට විපක්ෂයක් නැත්තම නැති තරම් කියලා චෝදනාවක් තියෙනවා නේ ?
විපක්ෂයේ අපි නැත්නම් මේ රට අද කනත්තක් වෙලා. ආණ්ඩුව කරන්නේ විපක්ෂයට මඩ ගහන එක. සර් ෆේල් නිසා විපක්ෂයට මඩ ගහනවා. අපි විපක්ෂයේ කාර්යභාරය කරනවා. මොනාකලත් මේ ආණ්ඩුව යන්නේ මිත්‍යා මතවල. ගඟේ මුට්ටි දානවා ඇරෙන්න නිවැරදි තීරණයක් නම් ගන්න ආණ්ඩුවක් කියලා මට නම් පෙන්නේ නැහැ.
පසුගියදා 20 සම්මත කර තුනෙන් දෙකේ බලයක් ආණ්ඩුව දුන්නේ ඔබේ පිරිසක්. ඇයි මෙහෙම වුණේ ?
අපේ පක්ෂේ කියලා හිටියේ ඩයනා ගමගේ පමණයි. එයා කා එක්කද ඩිල් ගැහුවේ කියලා දැන් පේනවා. ඔරිජිනල් සමඟි ජන බලවේගයේ කවුරුත් නම් ගියේ නැහැ.
එක්සත් ජාතික පක්ෂය රටේ පැරණිම පක්ෂයක්. මෙහෙම කඩාගෙන ගිය එක හරිද ?
පක්ෂය කඩාගෙන ගිහිං නව නායකත්වයක් යටතේ ජන්දෙට ගිය නිසා තමයි විපක්ෂයට මෙච්ච්රවත් ආසන ගණනක් හිමිවුණේ.ආණ්ඩුවට අවශ්‍ය ආණ්ඩුවට උදවු කරපු නායකයෝ එක්ක ඩිල් දාන්න. පාස්කු ප්‍රහාරය ගැන ආණ්ඩුව කතා කරන්නේ නැහැ. බදුම්කරේ ගැන වගක් නැහැ.
යහපාලන රජය රටම ණය කරලා ආණ්ඩුව ගෙවනවා කියනවා ..
2005 ආණ්ඩුවට භාර දෙනකොට රටේ නාය ප්‍රමාණය මිලියන 2100යි. ඒ ණය මිලියන 8000ක් වෙනකල් රාජපක්ෂ රෙජීමය වැඩි කළා. වැඩි පොළියට ගත් ණය අපි ගෙවුවා. අපි ඒ අවුරුදු 5ට ගත්තේ මිලියන 5000යි. නේ ආණ්ඩුව දැනට මිලියන 5900ක් අරන්.
සමඟි ජන බලවේගය ඇතුලේ බෙදිලා කියලයි ආරංචිය. මේවත් එක්ක ඉදිරි කටයුතු මොනවද ?
අපේ සන්ධානයේ විවිධ මත තියෙනවා ඒ කියන්නේ ගැටුම් නෙමෙයි. සමඟි ජන බලවේගයේ සියලු දෙනමා සජිත් මහතාගේ නායකත්වය පිළිඅරන් තියෙනවා. අපි දැන් ව්‍යවස්ථාව හදාගෙන යන්නේ. අපේ පක්ෂේ ඉතාමත් ශක්තිමත්ව ඉදිරියට යනවා.