ත්‍රිකුණාමලය කොට්ඨාසයේ සියලු පාසල් හෙට (21) දිනයේ සිට යළි දැනුම් දෙන තුරු වසා දමා දැමීමට තීරණය කර ඇත.
එලෙස වසා දමන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.
ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රියාමාර්ගය ගෙන ඇත.