ඉන්දික ශ්‍රී අරවින්ද
ඉස්ලාමීය ආගමට අයත් කොවිඩ්-19 ආසාදිත මළ සිරුරු භූමිදානය කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා දෙන තෙක් එම මළ සිරුරු අධිශීත කල කන්ටේනර් බහාලුම් තුළ සුරක්ෂිත කීරීමට හැකියාව පවතින බැවින් ඒ සඳහා අවශ්‍ය කන්ටේනර් සපයන ලෙස ඉල්ලා සෞඛ්‍ය අංශ බලධාරීන් ලිඛිතව රජයට දැනුමි දී තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාවේදී විශේෂඥ කමිටුව විසින් සිදුකළ යෝජනාවකට අනුව මෙලෙස දැනුම් දී ඇති බවයි.
මේ වනවිට ඥාතීන් සහ භාරකරුවන් ඉදිරිපත් නොවූ මුස්ලිම් ජාතික මෘත දේහයන් ආදාහනය කිරීම රජය විසින් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව අත්හිටුවා තිබේ. එම මෘත දේහයන් තවදුරටත් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල මෘතශරීරාගාර තුළ රඳවා තබා ගැනීම හේතුවෙන් අනෙකුත් මළ සිරුරු වෙතත්,එහි සේවය කරන සෞඛ්‍ය සේවකයින්ටත් මෙම කොවිඩ් වෛරසයෙන් යම් බලපෑමක් ඇති විය හැකි බැවින් අදාළ සාකච්ඡාවේදී යෝජනා වූ පරිදි අධිශීතකරණ සහිත කන්ටේනර් බහාලුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.
කොළඹ,කළුතර,මහනුවර,මීගමුව සහ කල්මුණේ යන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත මෙම අධිශීතකරණ සහිත කන්ටේනර් බහාලුම් ලබා දෙන ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.
පසුගිය (14) වැනිදා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ලිඛිතව සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී ඇත්තේ මළ සිරුරු සුරක්ෂිතව තබා ගැනීම සඳහා අවශ්‍ය කරන අධිශීතකරණ සහිත කන්ටේනර් බහාලුම් ලබා දිය හැකි බවයි.
එයට පිළිතුරු වශයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ ඊට අවශ්‍ය කරන අධිශීතකරණ සහිත කන්ටේනර් බහාලුම් 5 වහාම ලබා දෙන ලෙසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළේ තවදුරටත් මේ පිළිබඳව සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.