කොරෝනා වෛරසය රටෙන් තුරන් කිරීමට යම් කාලයක් ගතවනු ඇතැයි ශ්‍රී ලංකා බලධාරීහු පවසති.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදිය යුතු බවත්, වෛද්‍යමය තොරතුරු කිසිවක් සඟවා නොගන්නා ලෙසත්, ප්‍රජා රැස්වීම්වලින් වැළකී නිවසේ රැඳී සිටින ලෙසත්ය.
වැඩිහිටියන් හා බෝ නොවන රෝගවලින් පෙළෙන අය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙසද ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපති රාජපක්ෂ මහතා සහ රජය සියළුම සේවා හා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකාවෙන් වෛරසය තුරන් කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ වෛරසය වැළඳිය හැකි ප්‍රදේශ හඳුනා ගැනීමෙන් පසුව බුද්ධි අංශ සහ සෞඛ්‍ය නිලධාරීන් වසංගතය පාලනය කිරීමට පියවර ගත් බවත් පසුව එම ප්‍රදේශ හුදකලා කිරීමට හෝ ආසාදිත ප්‍රදේශ හුදකලා කිරීමට ‘රූට් බෝල්’ සංකල්පය අනුගමනය කිරීමට පියවර ගත් බවත්ය.
ජාතික ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රාජ්‍ය සේවා අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇතුළු වෛරසයට එරෙහි සටනේදී ආරක්ෂක අමාත්‍යාංශය වටා ඇති සියලු සම්පත් ඒකාබද්ධ කිරීමට ඔවුන්ට හැකි වූ බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.