මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු අද ආරම්භ විය.
පොතුහැර සහ ගලගෙදර සම්බන්ධ කරන ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලදී.
මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර කිහිපයක ඉදිකිරීම් මීට පෙර ආරම්භ කර තිබුණද, 3 වන අදියරෙහි පොතුුුුුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5 ක කොටස ඉදිකිරීම විවිධ හේතු නිසා කල් දැමීමට සිදුවිය.
පවත්නා ගැටළු නිරාකරණය කර අදාළ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබුණි.
ඉදිරි මාස 48 තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
මිරිගම සිට පොතුහැර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය සෑදිමේ කටයුතු 2021 මාර්තු 31 වන විට අවසන් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.
නොවැම්බර් 20 වන දින පාර්ලිමේන්තුවේදී රැස්වූ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ කාරක සභාව (කෝප්) මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම අක්‍රමිකතාවලින් පරී ඇති බව අනාවරණය කර තිබුණි.
මාර්ග ශක්‍යතා අධ්‍යයනය සඳහා ුපියල් බිලියන 1.7 ක් වියදම් කර ඇත.
මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු කොටසේ වැඩ ආරම්භ කිරීම 2015 සිට 2019 දක්වා කාලය තුළ කඩවත සිට මිරිගම දක්වා සාදන ලද අතර වැයවු මුදල රු. බිලියන 08 කි.