ඉන්දික ශ්‍රී අරවින්ද
මේ වනවිට ඉතා ශීඝ්‍රව ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් – 19 වෛරසය පාලනය කිරීමට නම් ලබන 24 වැනිදා සිට ජනවාරි පළමු සතිය දක්වා වෛරසය බහුල ලෙස ව්‍යාප්තව ඇති හඳුනාගත් දිස්ත්‍රික් අතර සංචරණයට සීමා පනවන ලෙසට රජයට යෝජනා කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ බස්නාහිර පළාත තුළ කොවිඩ් අවදානම සීමාවෙන් එහාට වර්ධනයක් දක්නට ලැබී ඇති බැවින් ප්‍රථමයෙන් කොළඹ,ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික් අතර සංචරණ සිමා පැනවිය යුතු බවයි.
එසේම බස්නාහිර පළාතෙන් පිටත මේ වනවිට කොවිඩ් – 19 අනු පොකුරු වර්ධනය වෙමින් පවතින නිසා දැනට සිමා කර ඇති PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රමාණය වැඩිකළ යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් සමග සිදු කළ සාකච්ඡාවේදී යෝජනා කර තිබේ.
එය එසේ සිදු නොකළහොත් ඉදිරි වසර ආරම්භයේදී කොවිඩ් තත්ත්වය බරපතළ විය හැකි බව සෞඛ්‍ය බලධාරීන්ට පෙන්වා දී ඇතැයි උපුල් රෝහණ මහතා පවසයි.
අනෙකුත් පළාත්හි වෛරසය පාලනය කිරීමට වඩා කොළඹ නගර සිමාව තුළ වෛරසය පාලනය කලයුතු බව පෙන්වා දෙන එම සංගමය දැනට කොළඹ නගරය තුළ PCR පරීක්ෂණ 1000කට සිමා වී ඇති එම ප්‍රමාණය වැඩි කළ යුතු බවයි.
ඉදිරි සතියේ සිට උත්සව සමය ආරම්භ වන බැවින් බොහෝ පිරිස් යාපනය ,ත්‍රිකුණාමලය, නුවරඑළිය යන ප්‍රදේශවලට විනෝදාශ්වාදය සඳහා යාමට සැලසුම් කර ඇති නිසා වහාම එම සංචරණයට සිමා පනවන ලෙස සෞඛ්‍ය අංශ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසිය.