පවතින කොවිඩ්වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් 2020 වර්ෂයේ අවසාන නිවාඩුව ආරම්භ වන දෙසැම්බර් මස 23 වැනි දින දක්වා වසා තැබිමට තින්දු කර ඇත.
ලබුදුව, දක්ෂිණ පායේ පැවති ගාල්ල දිස්ත්‍රික් කොඩිව් කමිටු රැස්විමේ දි මෙම තින්දුව ගෙන ඇති බව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේ.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් පාසල් 26ක් අද දින දක්වා වසා තැබිමට මිට පෙර තිරණය කොටතිබුණා. ඒ අනුව එළඹෙන සතියේ සදුදා, අගහරුවාදා සහ බදාදා දිනද ගාල්ල කොට්ඨාශයේ පාසල් වසා දැමිමට තිරණය කළ බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.
නව පාසල් වාරය ජනවාරි 04 වැනිදින ආරම්භ විමට නියමිතව ඇත.