දකුණු අප්‍රිකානු සහ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචාර සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.
ක්‍රීඩකයින් 22කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවී තිබේ.
දිමුත් කරුණාරත්න නායකත්වය දරණ එම කණ්ඩායමට නවකයන් ලෙස සංතුෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු සහ දිල්ශාන් මධුෂංක එක් වී තිබේ.
නම් කළ කණ්ඩායමට දිමුත් කරුණාරත්න – (නායක) කුසල් ජනිත් පෙරේර,දිනේෂ් චන්දිමාල් ,කුසල් මෙන්ඩිස් ,ඇන්ජලෝ මැතිව්ස්,ඕෂධ ප්‍රනාන්දු,ධනංජය ද සිල්වා,නිරෝෂන් දික්වැල්ල,මිනෝද් භානුක,ලහිරු තිරිමාන්න,ලසිත් ඇඹුල්දෙණිය,වනිඳු හසරංග,දිල්රුවන් පෙරේරා,සුරංග ලක්මාල්,ලහිරු කුමාර,විශ්ව ප්‍රනාන්දු,කසුන් රාජිත,දුෂ්මන්ත චමීර,දසුන් ශානක,සංතුෂ් ගුණතිලක,අසිතප්රනාන්දු,දිල්ශාන් මධුෂංක ඇතුළත් වෙයි.
මේ අතර තරඟයට නම් කලද පාදයේ ආබාධයක් හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකානු සංචාරයට එක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.


