මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආසනික් අඩංගුව තිබු ටින් මාලු බහාලුම් තොගයක්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විමර්ශන වලින් අනතුරුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආර්ක්ෂණ අංශයේ නිලධාරීන් විසින් යළි චීනය වෙත ප්‍රති අපනයනය කිරීමට පියවර ගෙන ඇත.
ඉකුත් ජූලි සහ ඔක්තෝබර් මාස අතර රුපියල් තුන් කෝටි අසූ හතර ලක්ෂයක් වටිනා මෙට්‍රික් ටොන් 768 ක් බර ටින් මාලු අඩංගු බහාලුම් 48 ක් චීනයෙන් කොළඹ වරාය වෙත ගෙන්වා තිබුණි . එම ටින් මාලුවල, “අඩංගු විය යුතු ආසනික් ප්‍රතිශතය” නියමිත ප්‍රමාණය ඉක්මවා පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
විශේෂයෙන් එම තොගය SLS 591- 2014 ප්‍රමිතියට අනුකූල නොවන බව එම විමර්ශනවලදී සොයාගෙන තිබුණි. ඒ අනුව මෙම ටින් මාලු තොගය අඩංගු බහාලුම් ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂ්ණ අංශය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.