කොවිඩ් ආසාදිතව ප්රතිකාර ලබමින් සිටි මවක් කොළඹ ‘ද සොයිසා’ කාන්තා රෝහලේදී නිවුන් දරුවන් සිව්දෙනෙක් බිහිකර තිබේ. කොවිඩ් -19 ආසාදිත මවක් විසින් සිව් නිවුන් දරු උපතක් සිදුකළ පළමු අවස්ථාව මෙය වෙයි.
කොළඹ 10, කුප්පියාවත්ත ප්රදේශයේ පදිංචි මෙම කාන්තාව මීට සති දෙකකට පමණ පෙර දරු ප්රසූතිය සඳහා ‘ද සොයිසා’ රෝහලට ඇතුළත් වී තිබුණි.
එහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ඇයට වෛරසය ආසාදනය වී ඇත. සිසේරියන් සැත්කමකින් ඇය අද (17) දිනයේ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් දෙදෙනෙකු බිහිකර ඇති අතර දරුවන් සිව් දෙනාම නිරෝගීව පසුවන බව රෝහල් අධ්යක්ෂිකාව වැඩිදුරටත් පැවසුවාය.