ඉන්දික ශ්‍රී අරවින්ද
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් – 19 ආසාදිතව මියගිය මුස්ලිම් ජාතික මෘත දේහයන් ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවන භෂ්මාවශේෂ කසළට බැහැර කෙරෙන ලෙසට සෞඛ්‍ය අංශයට උපදෙස් ලබා දී ඇතැයි වාර්තා වෙයි.
එම භෂ්මාවශේෂ යළි භාර ගැනීමට මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ ඥාතීන්ගේ ඉදිරිපත් නොවීම නිසාවෙනි.
මේ සම්බන්ධයෙන් කල විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ මුස්ලිම් ජාතිකයින් ආදාහනය කළ කිසිම ආදාහනාගාරයක භෂ්මාවශේෂ ලබා ගැනීමට ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත් වී නොමැති බවයි.
මුස්ලිම් ආගමානුකුලව මළ සිරුරු භූමදානය පමණක් සිදු කරන බැවින් බෞද්ධ සහ හින්දු ආගමනුකුලව එවැනි භෂ්මාවශේෂ තැන්පත් කිරීමක් සිදු නොවන නිසා ඒවා වෙනත් ස්ථානයකට බැහැර කෙරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ මළ සිරුරු ආදාහනය කිරීමෙන් අනතුරුව එම භෂ්මාවශේෂ සුදුසු ස්ථානයකට බැහැර කරන ලෙසට සෞඛ්‍ය අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි.