ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජය ගත්තේය.
ඒ ලකුණු 37 කක් ලබා ගනිමිනි. තරගයේ ජයග්රහණය සඳහා ලකුණු 166ක් හඹා ගිය දඹුල්ල වයිකිං කණ්ඩායම ඕවර 19.1කදී ලබා ගත්තේ ලකුණු 128ක් පමණි.
ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස්කළේය.
ජොන්සන් චාල්ස් ලකුණු 76යි. අවිශ්ක ප්රනාන්දු පන්දු 29කදී ලකුණු 39ක් රැස් කළේය. පන්දු යැවීමේදී මලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක් ලබා ගත්තේය.